රාජ්‍ය සේවයේ සුපිලිපන්භාවය (Integrity) උදෙසා…
වඩාත් කාර්යක්ෂම, අවංක සහ වගකීම් සහගත රාජ්‍ය සේවාවක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු සුවිශේෂී දේශන වැඩසටහනක් පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී (Sri Lanka Foundation – SLF) සාර්ථක ලෙස පවත්වනු ලැබුවා.
“සුපිලිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම” තේමාව කරගත් මෙම විශේෂ දේශනය, කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලැබුවා.
රාජ්‍ය සේවකයෙකු ලෙස පුද්ගල ජීවිතය සහ හැසිරීම් තුළ සුපිලිපන්භාවය ප්‍රගුණ කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, මහජනතාව වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරන දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක වැදගත්කම පිළිබඳවත් මෙහිදී ඉතා වටිනා අදහස් සහ මඟපෙන්වීම් රැසක් සාකච්ඡාවට බඳුන් වුණා.ජනතා සේවය උදෙසා කැපවුණු සුපිලිපන් හෙට දවසක් වෙනුවෙන් තැබූ තවත් එක් සාර්ථක පියවරක්! ![]()
![]()






